
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ වරාය නගරයේ විදේශීය ආයෝජන ආයතන සහ ව්යාපාරිකයින් ඉලක්ක කරගනිමින් කප්පම් ගැනීමේ ජාවාරමක නිරත වූ බවට චෝදනා ලැබූ චීන ජාතිකයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් වැඩිදුර තොරතුරු අනාවරණය කරගෙන තිබේ.
පොලීසිය නිකුත් කළ නවතම තොරතුරුවලට අනුව, 38 හැවිරිදි මෙම චීන ජාතිකයා අත්අඩංගුවට ගෙන ඇත්තේ කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ ජස්ටින් අක්බාර් මාවතේ පිහිටි මහල් නිවාස සංකීර්ණයකදී සිදුකළ වැටලීමකදීය.
ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත්තේ මධ්යම අපරාධ පරීක්ෂණ කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසිනි.
එම මෙහෙයුමේදී ව්යාජ ලෙස සකස් කළ විදේශීය ගමන් බලපත්ර 2 ක්, වෙනත් පුද්ගලයින්ට අයත් විදේශීය ගමන් බලපත්ර 4 ක් සහ රේගු බදු නොගෙවා මෙරටට ගෙන එන ලද විවිධ වර්ගයේ විදේශීය සිගරට් 16 ක් ද පොලිස් භාරයටගෙන ඇත.
වැඩිදුර පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මෙම සැකකරු චීනය තුළ සිදු වූ අපරාධ කිහිපයකට ද සම්බන්ධ අයෙකු වන අතර, චීන බලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු ද නිකුත් කර ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් මධ්යම අපරාධ පරීක්ෂණ කාර්යාංශය වැඩිදුර විමර්ශන පවත්වයි.
සැකකරු අත්අඩංගුවට ගත් දිනයේදී ජනමාධ්ය වෙත අදහස් දක්වමින් පොලිස් මාධ්ය ප්රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් සඳහන් කළේ, කොළඹ වරාය නගරය තුළ ක්රියාත්මක වෙමින් සිටින විදේශීය ආයෝජකයින් සහ ව්යාපාර ඉලක්ක කරගනිමින් කප්පම් ගැනීමේ ජාවාරමක් පවත්වාගෙන යාමේ චෝදනාව මත මෙම චීන ජාතිකයා අත්අඩංගුවට ගත් බවයි.
චෝදනා එල්ල වී ඇති කප්පම් ගැනීමේ සිදුවීම් සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ක්රියාත්මක වන අතර, සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර කොටුව පොලීසිය මගින් ප්රශ්න කිරීමට නියමිතව තිබූ බව ද පොලිස් මාධ්ය ප්රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart