April 3, 2026

මැදපෙරදිග ගැටුමට සම්බන්ධ ගෝලීය තෙල් මිල ඉහළ යාම හේතුවෙන් පකිස්ථානය මාසයකටත් අඩු කාලයකදී දෙවැනිවරටත් පෙට්‍රල් සහ ඩීසල් මිල තියුණු ලෙස ඉහළ නංවා තිබේ.

ඒ අනුව ඩීසල් මිල ලීටරයකට රුපියල් 520.35 දක්වා 54.9% කින් ඉහළ දමා ඇති අතර, පෙට්‍රල් ලීටරයකට රුපියල් 458.40 දක්වා 42.7% කින් ඉහළ නංවා ඇත.

එක්සත් ජනපද-ඉරාන යුද්ධයෙන් පසු අම්න්තර්ජතික තෙල් මිල ඉහළ යාම නිසා මෙම වැඩිවීම නොවැළැක්විය හැකි බව පාකිස්ථාන රජය පවසයි.

පසුගිය මාසයේ ඉන්ධන මිල 20% කින් පමණ ඉහළ දමා තිබිණි.

මිල වැඩිවීම උද්ධමනය වැඩිකරන අතර අඩු ආදායම්ලාභීන් මත වැඩි පීඩනයක් ඇති කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

පාකිස්ථානය සිය තෙල්වලින් වැඩි ප්‍රමාණයක් සෞදි අරාබියෙන් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ආනයනය කරයි.

රජය මෑතකදී රුපියල් බිලියන 129ක සහනාධාර ලබා දී ඇති නමුත්, සීමිත සම්පත් සහ අඛණ්ඩව සිදුවන ගෝලීය මිල ඉහළ යාම හේතුවෙන් එය දිගටම කරගෙන යා නොහැකි බව පවසයි.