
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කැමරා ශිල්පී සමර් අබුඩකා ඝාතනයට ලක් වූ ගාසා තීරයේ පාසලකට ඊශ්‍රායල ඩ්‍රෝන් ප්‍රහාරය එල්ල කිරීම අල් ජසීරා මාධ්‍ය ජාලය දැඩි ලෙස හෙළාදකී.
සිය ජනමාධ්‍යවේදීන් සහ ඔවුන්ගේ පවුල් ක්‍රමානුකූලව ඉලක්ක කර මරා දැමීම සම්බන්ධයෙන් ජාලය ඊශ්‍රායලය වගකිව යුතු බව අල් ජසීරා පවසයි.
අද, ඛාන් යුනිස් හි බෝම්බ ප්‍රහාරයෙන්, ඊශ්‍රායල ඩ්‍රෝන යානා සාමාන්‍ය වැසියන් රැකවරණය පතා පැමිණ සිටි පාසලකට මිසයිල ප්‍රහාර එල්ල කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ජීවිත හානි ගණනාවක් සිදුවිය.
සමර්ගේ තුවාල ලැබීමෙන් පසුව, ඊශ්‍රායල හමුදාව විසින් ගිලන්රථ සහ ගලවා ගැනීමේ සේවකයන් ඔහු වෙත ළඟා වීම වැළැක්වූ අතර, අවශ්‍ය වූ හදිසි ප්‍රතිකාර නොමැතිව පැය 05 කට වැඩි කාලයක් ලේ ගලමින් සිටි ඔහු මියගියේය.
අල් ජසීරා මාධ්‍ය ජාලය ගාසාවේ සහ බෙල්ජියමේ අභාවප්‍රාප්ත සගයා වන සමර් අබුඩකාගේ පවුලේ අයට සිය අවංක ශෝකය ප්‍රකාශ කර තිබේ.
සමර් අබුදාකා ඝාතනයත් සමඟ ගාසා තීරයේ ඝාතනයට ලක් වූ ජනමාධ්‍යවේදීන් සහ ජනමාධ්‍ය සේවකයන් සංඛ්‍යාව 90 ඉක්මවයි.
මෙම සංහාර සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් ඊශ්‍රායල රජය සහ හමුදාව වගවීම සඳහා වහා පියවර ගන්නා ලෙස අල් ජසීරා ප්‍රජාවෙන්, මාධ්‍ය නිදහසේ සංවිධානවලින් සහ ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් ඉල්ලා සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart