
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මහ කන්නයේ මෙන්ම ඉදිරි යල කන්නයේ අස්වැන්න සම්බන්ධයෙන් අවිනිශ්චිතතාවයක් පවතින අතර, වී මෙට්‍රික් ටොන් 215,672 හැර වෙනත් කිසිදු වී සංචිතයක් රජය සතුව නොමැති බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙරට වී සංචිත නඩත්තු කිරීම සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්නා ලෙස ඇමැති මණ්ඩලයට දැනුම්දීමේ යෝජනාවක් සකස් කරන ලෙස වී අලෙවි මණ්ඩලයට උපදෙස් ලබාදෙමින් අමාත්‍යාංශය මෙසේ සඳහන් කර ඇත.
ළඟදීම ආහාර හිඟයක් ඇතිවේ යැයි බියෙන් ලෝකයේ රටවල් කිහිපයක් මේ වන විට තම ආහාර සංචිත ශක්තිමත් කරමින් සිටියද, මෙරට රජයට එවැනි කිසිදු සංචිතයක් නොමැති බව අමාත්‍යාංශ වාර්තා සඳහන් කරයි.
පවතින නියඟය හේතුවෙන් මේ වන විට වී වගා අක්කර 50,000කට අධික ප්‍රමාණයක් විනාශ වී ඇති අතර, ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී දැඩි වර්ෂාපතනයක් ඇති විය හැකි බවත්, ලබන වසරේ (2024) යල කන්නයේදී තවත් වියළි කාලගුණයක් ඇති විය හැකි බවටත් අනාවැකි පළ වී ඇත.
එබැවින් මෙම වසරේ මහ කන්නයේ අස්වැන්න මෙන්ම ඉදිරි යල කන්නයේ අස්වැන්න සම්බන්ධයෙන් අවිනිශ්චිතතාවයක් පවතින බව අමාත්යංශය පෙන්වාදෙයි.
මේ වන විට වී සහ සහල් තොගවලින් වැඩි කොටසක් පෞද්ගලික අංශයට මිස රජය සතු නොවන බැවින් සහල් මිල ඉහළ යෑමක් පිළිබඳව අවධාරණය කරමින් අදාළ යෝජනාව සකස් කිරීමට නියමිතව ඇත.
මහ කන්නයේ දී දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා මිලදී ගත් වී තොග ඉතිරිව තිබේ නම් ඒවා ගබඩා කිරීමේ අවශ්‍යතාව සහ රජය සතු ආහාර සංචිත පවත්වා ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය තවදුරටත් වී මිලදී ගැනීමේ අවශ්‍යතාව විෂය භාර ඇමැතිවරයා පෙන්වා දී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart