
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහජන ආරක්ෂක ඇමැතිවරයා විසින් ඉදිරිපත් කර ඇති මාර්ගගත(ඔන්ලයින්) ආරක්ෂණ පනත් කෙටුම්පත සම්බන්ධව පාර්ලිමේන්තුවේ අද සහ හෙට යන දෙදින පැවැත්වෙන දෙදින විවාදය අවසානයේ විපක්ෂය ගෙන එනු ලබන සංශෝධනවලට ආණ්ඩුව එකඟ වුවහොත් එය ඡන්ද විමසීමකින් තොරව සම්මත කිරීමට විපක්ෂයට සම්බන්ධ මන්ත්‍රීවරුන් පිරිසක් සූදානමින් සිටින බව වාර්තා වේ.
ඊයේ පාර්ලිමේන්තුවේ පැවැති කමිටු රැස්වීමකදී පනත් කෙටුම්පතට අදාළ සංශෝධන ඉදිරිපත් කර තිබේ.
එම සංශෝධන පිළිගත හැකි මට්ටමේ පවතින බව එහිදී විපක්ෂයේ පිරිසකගේ මතය වී ඇත.
කෙසේවෙතත් නීතිපති දෙපාර්තමේන්තුව පාර්ශ්වයෙන් දැනුම්දී ඇතැයි පැවැසෙන්නේ, අදාළ සංශෝධන ඇතුලත් කළහොත් කෙටුම්පතේ විෂය පථය වෙනස්වන බවයි.
කෙසේවෙතත් කමිටු රැස්වීම අවසන් තීරණයකින් තොරව අවසන් වී ඇති අතර, අද උදෑසන කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳ තවත් රැස්වීමක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
කෙසේවෙතත් විපක්ෂයේ බහුතර පිරිසකගේ මතය වී ඇත්තේ, ඉදිරිපත්කර ඇති පනත් කෙටුම්පත විසින් රටේ ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය බරපතල ලෙස උල්ලංඝණය කෙරෙන බැවින්, එය සම්පුර්ණයෙන්ම ඉවත්කර දැමිය යුතු බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart