
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
චීනයට අයත් සයිනොපෙක් සමාගම විසින් සිය අලෙවිය සම්බන්ධයෙන් ගනිමින් සිටින පියවර හේතුවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නුදුරු අනාගතයේදීම වැසීයෑමේ බරපතල අවදානමක් නිර්මාණය වී ඇත.
සයිනොපෙක් සමාගම හේතුවෙන් මේ වන විටත් ඛනිජතෙල් සංස්ථාවේ ඉන්ධන අලෙවිය විශාල ලෙස පහත වැටී ඇති අතර, ආදායම් දිනෙන් දින අඩුවෙමින් පවතින බව වාර්තා වේ.
සයිනොපෙක් සාමාගම මේ වන විට තමන් සමග ගිවිසුම්ගතවී ඇති ඉන්ධන පිරවුම්හල් වෙත දින 03ක ණය සහන කාලයක්(Credit Period) ලබාදෙන බව නිවේදනය කර ඇති අතර, ඊට සමගාමිව රුපියල් මිලියන 27.6ක ණය සිමාවක්ද(Credit Limit) පිරිනමනු ලබයි.
චීනයේ සයිනොපෙක් සමාගම සඳහා ඛනිජ තෙල් සංස්ථාව සතු ඉන්ධන හල් 100කට ආසන්න සංඛ්‍යාවක් මේ දක්වා ලබාදී ඇති අතර තවත් ඉන්ධන හල් 50ක් පමණ ඔවුන් වෙත ලබාදීමට නියමිතව තිබේ.
එසේම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඔක්ටෙන් 92 වර්ගයේ පෙට්‍රල් අලෙවිය කැපී පෙනන ලෙස පහළ යෑම අනෙක් පසින් සංස්ථාවේ ආදායමට සෘජුව බලපා තිබේ.
චීනයේ සයිනොපෙක් සමාගම අඩු මිල ගණන් යටතේ ඔක්ටෙන් 92 වර්ගයේ පෙට්‍රල් අලෙවි කිරීම හේතුවෙන් මෙලෙස ඉන්ධන ඉල්ලුම පහළ ගොස් ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වාර්තා අනාවරණය කරයි.
සයිනොපෙක් සමාගම ඔක්ටෙන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 358කට අලෙවි කරන අතර, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ ඔක්ටෙන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 365කට අලෙවි කරයි.
මෙම තත්ත්වය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලාභය සඳහා මේ වන විට සෘජු බලපෑමක් එල්ල කර තිබේ.
කෙසේවෙතත් චීන සමාගම වෙත සිය ඉන්ධන හල් ලබාදිම සම්බන්ධයෙන් ඛනිජ තෙල් බෙදුම්කරුවන් අතර විරෝධයක්ද මතුව ඇති බව ද වාර්තා වේ.
මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට පෙර සයිනොපෙක් සමාගම ඉදිරිපත් කළ එකඟතා සම්පුර්ණ කිරිමට ඔවුන් කටයුතු කර නොමැති විම ඊට හේතුවී ඇති බව වාර්තා වේ.
කෙසේවතත් සයිනොපෙක් සමාගම අඩු මිල ගණන් යටතේ ඉන්ධන අලෙවි කරන විට ඛනිජ තෙල් සංස්ථාව සහ ඉන්දියන් ඔයිල් සමාගම වැඩි මිලට ඉන්ධන අලෙවි කිරීම ඉතාම අසාධාරණ බවද ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පෙන්වාදෙයි.
ඛනිජ තෙල් සම්බන්ධයෙන් නියාමන කොමිසමක් පිහිටුවා නොමැති බැවින් ඊට එරෙහිව කටයුතු කළ නොහැකි තත්ත්වයක් ද උද්ගතව ඇති බව සඳහන්ය.
මේ අතර මතුව ඇති ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය ඛනිජතෙල් සංස්ථාවේ පාලනාධිකාරිය සමග අද (11) පස්වරුවේ පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart