June 1, 2023

සේවක අර්ථසාධක අරමුදලට මාසික දායකත්වය රුපියල් 20,000ට වැඩි වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, වරලත් ගණකාධිකාරීවරුන් ඇතුළු වෘත්තිකයන් කාණ්ඩ 14ක් අද (ජුනි 01) සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතුය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් තෝරාගත් වෘත්තිකයන් විසින් සේවක අර්ථසාධක අරමුදලට (EPF) දායකවන ආකාරය දක්වමින් මෙම නව ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ඒ අනුව;
01. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරු
02. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයෝ
03. ශ්‍රී ලංකා සහතික ලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයෝ
04. වෘත්තීය බැංකුකරුවන්ගේ සංගමයේ සාමාජිකයෝ
05. ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සාමාජිකයෝ
06. ශ්‍රී ලංකා ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ ආයතනයේ සාමාජිකයෝ
07. ශ්‍රී ලංකා ප්‍රමාණ සමීක්‍ෂකයන්ගේ ආයතනයේ සාමාජිකයෝ
08. ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරු
09. ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තම ව්‍යාපාර ලියාපදිංචි කර ඇති පුද්ගලයෝ
10. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි (ත්‍රිරෝද රථ, යතුරුපැදි සහ අත් ට්‍රැක්ටර් හැර) වාහන සන්තකයේ තබාගෙන සිටින පුද්ගලයෝ
11. 2018 අප්‍රේල් 01 දින හෝ ඊට පසු ශ්‍රී ලංකාවේ ඕනෑම නිශ්චල දේපලක් ඔප්පු පැවරීම මගින් මිලදී ගෙන ඇති හෝ අත්පත් කරගත් පුද්ගලයෝ
12. ඕනෑම අර්ථසාධක අරමුදලකට සේවකයා සහ සේවායෝජකයා යන දෙපාර්ශවයේම මාසික දායකත්වය රු. 20,000කට වැඩි නම්
13. පළාත් පාලන ආයතනයකින් ගොඩනැගිලි සැලැස්මක් සඳහා අනුමැතිය ලබා ගන්නා ඕනෑම පුද්ගලයෝ
14. මසකට රු.100,000 ක් හෝ මාස 12 ක කාලයක් සඳහා රුපියල් 1,200,000ක ගෙවීමක් ලබන ශ්‍රී ලංකාවේ ඕනෑම සේවාවක් සපයන පුද්ගලයෝ