
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රටේ ආගමික ආරවුල් ඇතිකරමින් පවතින සාමකාමී තත්ත්වය කඩාකප්පල් කිරීමේ අපේක්ෂාවෙන් සිටින, විවිධ අරමුණු සහිත කණ්ඩායම් පිළිබඳ අවධානය යොමු වී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
මෑත කාලීනව විවිධ පාර්ශව විසින් ආගමික සමගියට හානිවන අන්දමින් සිදුකරන ප්‍රකාශ සහ ක්‍රියාවන් සම්බන්ධයෙන්
නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යාංශය මේ බව ප්‍රකාශ කර තිබේ.
පවතින තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසා ඇත්තේ, පසුගිය සමයේ අත්විඳින ලද දරුණු ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ඒමට උත්සහා දරන්නාවූ අවස්ථාවක විවිධ කණ්ඩායම් විසින් රටතුළ තවත් අර්බුදයක් නිර්මාණය කිරීමට උත්සහ දරන බවය.
එබැවින් යම් පුද‍්ගලයෙකු හෝ සංවිධානාත්මක කණ්ඩායමක් එවැනි පටු චේතනාවකින් කටයුතු කිරීමට උත්සහා දරන්නේ නම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන පරිච්ඡේදය සහ දණ්ඩ නීති සංග්‍රහයේ 291 (අ), (ආ) අනුව නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බව රාජ්‍ය ඇමතිවරයා අවධාරණය කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart