October 3, 2026

‘රන් සමනළ ජෝඩුව වාගේ’ යන ජනප්‍රිය ගීතය ගායනා කිරීම ජනප්‍රිය නළු රන්ජන් රාමනායකට තහනම් කර ඇත.

ඒ සම්බන්ධයෙන් රන්ජන් රාමනායක සිය ෆේස්බුක් පිටුවේ මෙසේ සටහන් කර තිබේ.

“1990 දි රන්ජන් රාමනායක අදාළ සියලුම ගෙවීම් කරලා නිෂ්පාදනය කරපු, ගායනා කරපු, රඟපාපු, රන් සමනළ ජෝඩුව වාගේ සින්දුව අද රන්ජන්ට වේදිකාවේ කියන්න තහනම්ලු? සාධාරණද? මොකද හිතන්නේ?….
සිංදුව හදනකාලේ,චිත්‍රාගාරයට,වාදක මණ්ඩලයට,ගේ පද රචනයට,සංගීත අධ්‍යක්ෂකට,සියලුම ගෙවීම් වැඩිපුරත් එක්ක ගෙව්වා,නමුත් ඒ මදිලු,මැරෙනකම් ගෙවන්න වෙනවාලු,🤔🤔”