
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සංචාරකයින් 1,600 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 588 දෙනෙකු රැගත් Cordelia Empress මගී සංචාරක නෞකාව කොළඹ වරායට සේන්දු වී තිබේ.
නෞකාව වරායේ නැංගුරම් ලා තිබෙන කාලය තුළ එහි පැමිණි පිරිසෙන් 1,800 කට ආසන්න සංඛ්‍යාවක් කොළඹ, පින්නවල අලි අනාථාගාරය සහ ගාල්ල යන ප්‍රදේශවල ගොඩබිම් සංචාර සඳහා එක්වීමට නියමිතය.
මෙම නෞකාවෙන් පැමිණි සංචාරකයින්ගෙන් 90% ක් පමණ ඉන්දීය ජාතිකයින් වීම විශේෂත්වයකි.
ප්‍රධාන වශයෙන් ඉන්දියානු සහ දකුණු ආසියානු සංචාරක වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන ‘කෝඩේලියා එම්ප්‍රස්’ නෞකාව, ඉන්දියාව තුළ දේශීය සංචාර මෙන්ම කලාපීය ජාත්‍යන්තර මුහුදු සංචාර ද සිදු කරයි.
දිගින් මීටර් 210 ක් වන මෙම නෞකාව තට්ටු 11 කින් සහ මගී කාමර 796 කින් සමන්විත වේ.
2026–2027 සංචාරක නෞකා සමයේ කොටසක් ලෙස මෙම නෞකාව ලබන මාසයේ, එනම් දෙසැම්බර් 17, 24 සහ 31 යන දිනවලදී තවත් අවස්ථා 03කදී කොළඹ වරායට පැමිණීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart