
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විදෙස් සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ මියගිය ඇතුන්ගේ දළ පමණක් නැරඹීමට නොව, ස්වාභාවික පරිසරය තුළ ජීවත්වන අලි ඇතුන් දැකබලා ගැනීමට බව Protect Elephant World Global Association සංවිධානයේ ශ්‍රී ලංකා ශාඛාව වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ විජිත වික්‍රමනායක අධිකරණය හමුවේ පැවසීය.
කාවන්තිස්ස ඇතාට වෙඩි තැබීමේ සිද්ධියට අදාළ විමර්ශන මෙහෙයවන ආකාරයට විරෝධය පළ කරමින් සහ මෙරට අලි ඇතුන් සංරක්ෂණය කිරීමේ වැදගත්කම අවධාරණය කරමින් ඔහු මෙම අදහස් පළ කළේය.
මේ අතර කාවන්තිස්ස ඇතාට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් දෙදෙනා ඕනෑම කොන්දේසියක් මත ඇප මත මුදා හරින ලෙස ඔවුන්ගේ නීතිඥවරුන් කළ ඉල්ලීම මහව මහේස්ත්‍රාත් අනුරාධිකා සෙනෙවිරත්න ප්‍රතික්ෂේප කළ අතර, ඔවුන් දෙසැම්බර් 9 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළාය.
එදිනට අධිකරණය හමුවේ පෙනී සිට පැමිණිල්ල මෙහෙයවන ලෙසද මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නියෝග කළාය.
පැමිණිල්ල මෙහෙයවීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොවැම්බර් 11 වැනිදා නියෝග කර තිබියදීත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊයේ දිනයේ අධිකරණයට නොපැමිණි බවද නීතිඥ වික්‍රමනායක පෙන්වා දුන්නේය. ඔවුන් අධිකරණ නියෝගය ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වී ඇති බවටද ඔහු එහිදී චෝදනා කළේය.
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උදය රාජපක්ෂ සඳහන් කළේ තම සේවාදායකයන් දින 37ක් තිස්සේ රක්ෂිත බන්ධනාගාර ගතව සිටින බවයි. විමර්ශනවලදී අත්අඩංගුවට ගත් ගිනිඅවි සහ පතොරම් සම්බන්ධයෙන් වූ රජයේ රස පරීක්ෂක වාර්තා මේ වන විට ලැබී ඇති බව ඔහු අධිකරණයට දන්වා සිටියේය. එම ගිනිඅවි මීට පෙර වෙඩි තැබීම් සඳහා භාවිත කර ඇති බවට එම වාර්තාවලින් තහවුරු වී ඇතත්, කාවන්තිස්ස ඇතාගේ උදරයෙන් සොයාගත් උණ්ඩ තම සේවාදායකයන් සතුව තිබී අත්අඩංගුවට ගත් ගිනිඅවිවලින් නිකුත් වූ ඒවා බවට ඉන් තහවුරු වී නොමැති බව ඔහු පැවසීය.
මෙය සුවිශේෂී කරුණක් ලෙස සලකා, ඇප පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව ඕනෑම කොන්දේසියක් මත සැකකරුවන්ට ඇප ලබා දෙන ලෙස නීතිඥවරයා ඉල්ලා සිටියේය.
කෙසේ වෙතත්, සියලු පාර්ශ්වයන් විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරුවන්ගේ ඇප අයදුම්පත ප්‍රතික්ෂේප කළාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart