
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ නීතිපති ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ සහ රුසියානු සමූහාණ්ඩුවේ ප්‍රධාන අභිචෝදක ජනරාල් Aleksander Gutsan අතර හමුවක් 2026.11.26 (අද) දින විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණි.
දෙරට අතර ඇති දීර්ඝකාලීන සහයෝගීතාවය තවදුරටත් වැඩිදියුණූ කර ගනිමින් ඉදිරි කටයුතු සිදු කිරීම සහ දෙරට අතර නීතිමය සහයෝගීතාවය වර්ධනය කර ගැනීම ඇතුළු නීතිමය වශයෙන් වැදගත් වන කරුණූ සම්බන්ධයෙන් සාකච්ඡා වූ අතර එම කරුණූ සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමක් සඳහාද අත්සන් කිරීම ද මෙරට නීතිපතිවරයා සහ රුසියානු සමූහාණ්ඩුවේ ප්‍රධාන අභීචෝදක ජනරාල් විසින් සිදුකරන ලදී.
ශ්‍රී ලංකාවේ අපරාධවලට සම්බන්ධ වූ පුද්ගලයන් රුසියාවට පළාගොස් සැගවී මුල්‍යමය කටයුතු සහ දේපල වැනි දෑ සගවා ගෙන සිටී නම් අපරාධයකින් උද්පාදිත දේ පිළිබඳ පනතට අනුව මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය කරන සහයෝගය නිරන්තරයෙන් ලබාදීමට කටයුතු කරන බව මෙහිදී රුසියානු සමූහාණ්ඩුවේ ප්‍රධාන අභිචෝදක ජනරාල් විසින් සඳහන් කළ අතර අධිකරණ කටයුතු සම්බන්ධයෙන් මෙන්ම අනෙකුත් කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විසින් ලබාදෙන සහයෝගය පැසසීමට ලක්විය.
රුසියානු සමූහාණ්ඩුවේ ඉහළ පෙලේ නිලධාරීන් සහ ශ්‍රී ලංකාවේ නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් ජ්‍යේෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart