
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පේරාදෙණිය කළු පාලමට සමාන්තරව දුම්රිය ප්‍රවාහනය සඳහා නව පාලමක් ඉදිකරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා සඳහන් කළේ පාලම ඉදිකිරීමට අදාළ සැලසුම් සහ ව්‍යුහාත්මක නිර්මාණ මේ වන විට සකස් කරමින් පවතින බවයි.
කොළඹ කොටුවේ සිට විශේෂ දුම්රියකින් ඊයේ (02) පෙරාදෙණිය දුම්රිය ස්ථානයට පැමිණීමෙන් අනතුරුව පැවැති ජනමාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.
මෑතකදී ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන සිට පෙරාදෙණිය දක්වා කොටසේ දුම්රිය ධාවනය අත්හිටුවා තිබූ අතර, මාස දහයකට පසුව එය නැවතත් දුම්රිය ප්‍රවාහනය සඳහා විවෘත කෙරිණි.
එහි සමාරම්භක ගමන සනිටුහන් කරමින් අමාත්‍යවරයා කොළඹ කොටුවේ සිට විශේෂ දුම්රියෙන් පෙරාදෙණිය දුම්රිය ස්ථානයට පැමිණි අතර, නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මෙම අදහස් පළකළේය.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ පෙරාදෙණිය කළු පාලමේ ඉදි කිරීම් කටයුතු මේ වන විට වේගයෙන් සිදුවෙමින් පවතින බවත්, විවිධ හේතූන් මත වැඩකටයුතු ප්‍රමාද වුවද එය ඉක්මනින් අවසන් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත්ය.
මීට අමතරව, දුම්රිය දෙපාර්තමේන්තුවේ සහ දුම්රිය ප්‍රවාහන සේවාවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට මෙන්ම දුම්රිය කාර්ය මණ්ඩලයට අවශ්‍ය පහසුකම් සැලසීමටද අවශ්‍ය පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා පැවසීය.
ඇතැම් පුද්ගලයන් සමාජ මාධ්‍ය ඔස්සේ කරන විවේචන හේතුවෙන් මුළු දුම්රිය කාර්ය මණ්ඩලයම දැඩි මානසික පීඩනයකට ලක්වන බව පෙන්වාදුන් අමාත්‍යවරයා, ඇතැම් පිරිස් විවේචනය කරන තරම් ඉක්මනින් දුම්රිය මාර්ග ඉදිකිරීම් කටයුතු සිදු කළ නොහැකි බවද සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart