
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු අපේක්ෂකයකු මෙන්ම හිටපු කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායකගේ පුතකු වන කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඔහු 41 වන වියෙහි පසුවිය.
හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු සමාජ මාධ්‍ය සටහනක් තබමින් කනිෂ්ක සේනානායකගේ වියෝව තහවුරු කර ඇත.
“අපගේ නෙතඟින් වෙන්ව ගියද, අපගේ හදවත්වලින් කිසිදා වෙන් නොවනු ඇත! සොයුර, ඔබට සුබ ගමන්!” යනුවෙන් හරීන් ප්‍රනාන්දු එහි සටහන් කර තිබේ.
කණිෂ්ක සේනානායක 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී සමගි ජන බලවේගය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කළේය.
කුඩා අවධියේ සිටම දේශපාලනයට සම්බන්ධ වී සිටි ඔහු එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය යන පක්ෂ දෙකෙහිම කටයුතු කර තිබේ.
එසේම ඔහු ව්‍යාපාරික ක්ෂේත්‍රයේද සමාගම් ගණනාවක අධ්‍යක්ෂවරයකු ලෙස තනතුරු රැසක් හොබවා ඇත.
ඔහු රෝසි සේනානායකගේ සහ අභාවප්‍රාප්ත අතුල සේනානායකගේ දරුවන් තිදෙනාගෙන් වැඩිමලා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart