
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව හෝ වාර්ගික ආතතීන් සම්බන්ධයෙන් කිසිදු විදේශ ඔත්තු සේවාවකින් රජයට කිසිදු තොරතුරක් ලැබී නොමැති බව ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් අද පාර්ලිමේන්තුවට පැවසීය.
විවිධ කටකතා සහ මෙවැනි කරුණු සම්බන්ධයෙන් ෆේස්බුක් ඔස්සේ පළවන අදහස් සම්බන්ධයෙන් රජයට දිගින් දිගටම ප්‍රතිචාර දැක්වීමට නොහැකි බවද ඔහු සඳහන් කළේය.
රාජ්‍ය ඇමැතිවරයා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේ,ඇතැම් ප්‍රදේශවල දේශපාලන පිටුබලය ඇති ඇතැම් කණ්ඩායම් වාර්ගික ගැටුම් ඇති කිරීමට උත්සාහ කරන බව බුද්ධි අංශ නිරීක්ෂණය කර ඇති බවයි.
රජය සහ ආරක්ෂක අංශ මෙම කණ්ඩායම් කෙරෙහි අවධානය යොමුකර ඇති බවද ඔහු පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart