July 18, 2026

වත්මන් ආණ්ඩුවේ අමාත්‍යවරුන් ඉලක්ක කරගනිමින් විපක්ෂය විසින් දියත් කර ඇති විශ්වාසභංග මාලාවේ නවතම පියවර ලෙස, අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන සතියේදී කථානායකවරයා වෙත භාරදීමට නියමිතය.

මීගමුව බන්ධනාගාරය තුළ මෑතකදී ඇති වූ නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ බන්ධනාගාර නිලධාරීන්ගේ මෙන්ම රැඳවියන්ගේ ද ආරක්ෂාව තහවුරු කිරීමට අධිකරණ අමාත්‍යවරයා අසමත් වී ඇති බව විපක්ෂය චෝදනා කරයි.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා සඳහන් කළේ අමාත්‍යවරයා තමන් සතු වගකීම් සහ වගවීම් සම්පූර්ණයෙන්ම පැහැර හැර ඇති බවයි.

මේ හේතුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඉකුත් 10 වනදා පාර්ලිමේන්තුවේදී මෙම විශ්වාසභංග යෝජනාවට අත්සන් තබා ඇත.