Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව තම සේවාදායකයාට ගෙවීමට නියම කළ හිඟ වන්දි මුදල පියවා ඊට අදාළ ලියකියවිලි ඉදිරිපත් කරන බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධනගේ නීති නීතිඥවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය.
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධනට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද පෙනීසිටියේ රුපියල් මිලියන 75ක වන්දි මුදලක් ගෙවීම සම්පූර්ණ නොකිරීම සම්බන්ධයෙනි.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත්වූවන් වෙනුවෙන් අධිකරණයෙන් මෙම වන්දිය නියමකර තිබිණි.
ඊට අදාළ නඩුව අද පෙරවරුවේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබීය.
නඩු විභාගය අතරතුර විත්තිකරු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ,තම සේවාදායකයා ක්‍රියාකාරී පොලිස් නිලධාරියෙකු බැවින් වන්දි ගෙවීම සඳහා බාහිර පාර්ශවයන්ගෙන් මුදල් ඉල්ලා සිටීමට හැකියාවක් නොමැති බවයි.
කෙසේ වෙතත් පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන ජයවර්ධනගේ හිතවතුන් විසින් ගෙවීමට ඇති ඉතිරි වන්දි මුදල ගෙවීමට සහය වීමට ඉදිරිපත් වී ඇති බවත් අදාළ මුදල අද බැංකුව හරහා වන්දි ගෙවීමේ කාර්යාලයට පියවන බවත් ජනාධිපති නීතීඥවරයා වැඩිදුරටත් දන්වා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart