
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මේ වන විට පවතින හිම කුණාටුව හේතුවෙන් ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරය අද ඉරිදා රාත්‍රී නවයේ සිට ලොක්ඩවුන් කර ඇත.
නගරයේ අධිවේගී මාර්ග, දුම්රිය මාර්ග සියල්ල වසා දමා ඇත.
දුම්රිය බස්රථ ඇතුලු ගමනාගමන සේවා සම්පූර්ණයෙන් අත්හිටුවා ඇති අතර ගුවන් ගමන්ද නතර කර ඇත.
අනතුරුදායක තත්ත්වය නිසා මහා මාර්ගවල කිසිදු වාහනයක් ධාවනය නොකරන ලෙසට නියෝග කර ඇත.
අත්යවශ සේවා හැර පාසැල් සහ සෙසු ආයතනවලටද නිවාඩු ලබා දී ඇත. සඳුදා සවස්වරුව වනතුරු මෙම හිම කුණාටුව පවතී.
එබැවින් සියලු ගමන් බිමන් නතර කර නිවෙස්වලට වී සිටින ලෙස නිව්යෝර්ක් නගරාධිපති සොහ්රාන් මම්දානි මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් නගර වැසියන්ගෙන් ඉල්ලා සිටියේය.
ආරක්ෂක අංශ, අත්‍යවශ්‍ය සේවා සහ ආපදා සේවා හැර අන් කිසිදු වාහනයකට මාර්ගයේ ධාවනය කිරීම තහනම් කර ඇත.
පොළොව මට්ටමේ සිට අඩි දෙකක් ඉහළට හිම පතනය සිදුවනු ඇතැයිද මෙවැනි හිම කුණාටුවක් ඇති වන්නේ වසර ගණනාවකට පසුව බවද කාලගුණ අංශ පවසා සිටී.
(අජිත් අලහකෝන් – නිව්යෝර්ක්)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart