
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මේ දිනවල 25,000 කට ආසන්න ගුවන් මගීන් සංඛ්‍යාවක් කටුනායක ගුවන්තොටුපලෙන් ඔස්සේ ගමන් කරන බැවින් විශාල මගී තදබදයක් ඇති බව ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගම පවසයි.
මෙයට විසදුමක් ලෙස දෙවැනි පර්යන්තයේ ඉදිකිරීම් මේ වන විට සිදු වන අතර එම ව්‍යාපෘතිය අවසන් වනතුරු තාවකාලික විසඳුමක් ලෙස පෙරසවි පර්යන්තයක් ඉදිකිරීමට ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගම තීරණය කර තිබේ.
මාස 06ක් වැනි කෙටි කාලයක් තුළ එම ඉදිකිරීම් අවසන් කිරීමට සැලසුම් කර ඇත.
මේ සඳහා ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගම විසින් රුපියල් බිලියන 15ක පමණ මුදලක් වැයකිරීමට නියමිත අතර, ස්ථිර දෙවැනි පර්යන්තයේ ඉදිකිරීම් නිමවීමෙන් පසුව, මෙම පෙරසවි පර්යන්තය ශ්‍රී ලංකාව තුළ මෙහෙයුම් සිදු කරනු ලබන අභ්‍යන්තර ගුවන්සේවා සඳහා යොදාගැනිමට තීරණය කර ඇති බව ගුවන්තොටුපල සමාගම පවසයි.
මෙම ඉදිකිරීම් ස්ථානය පරීක්ෂා කිරීමට සහ සැලසුම් කටයුතු සොයා බැලීම සඳහා පැමිණි වරාය නාවික හා ගුවන්සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා කියා සිටියේ, ලැබෙන තොරතුරු අනුව ඉදිරියේදී විශාල මගීන් සංඛ්‍යාවක් කටුනායක ගුවන්තොටුපළට පැමිණීමට නියමිත බවයි.
එම වැඩිවෙන මගීන්ගේ පහසුකම් සැපයීම සඳහා දැනට පවතින සම්පත් උපයෝගී කර ගනිමින් ප්‍රායෝගික සැලසුම් කීපයක් ක්‍රියාත්මක කරන බවද ඇමැතිවරයා මෙහිදී පැවසීය.
විශේෂයෙන් යාපනයේ පලාලි ගුවන්තොටුපළට සහ මත්තල ගුවන්තොටුපළට වැඩි ගුවන්යානා සංඛ්‍යාවක් ගෙන්වා ගැනීමට කටයුතු කරනු ලබන අතර කටුනායකට පැමිණෙන මගීන්ගේ සුවපහසුව සහ තදබදය අවම කිරීම සඳහා පෙරසවි පර්යන්තයක් මාස 06ක් වැනි කෙටි කාලයක් තුළ ඉදිකිරීමට තීරණය කර ඇති බවද ඇමැතිවරයා සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart