
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ස්ථාවර නියෝග සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සපයා ඇති ප්‍රතිපාදන පරිදි නව මන්ත්‍රීවරුන් දිවුරුම්දීමෙන් සහ ප්රතිඥාදීමෙන් අනතුරුව නව කථානායකවරයකු තෝරා පත්කර ගැනීමට පාර්ලිමේන්තුව හෙට (17) රැස්වන බව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර නිවේදනය කළාය.
නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලිගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (16) රැස්වූ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණි.
දෙසැම්බර් 17 සහ 18 යන දෙදිනට අදාළව මීට පෙර තීරණය කරන ලද සභාවේ කටයුතුවලට ද සංශෝධන කිහිපයක් සිදුකර ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.
ඒ අනුව, දෙසැම්බර් 17 වැනි අඟහරුවාදා පෙරවරු 9.30 සිට පෙරවරු 9.45 දක්වා නව මන්ත්‍රීවරුන් සඳහා නිල දිවුරුම්දීම වෙනුවෙන් කාලය ලබා දී ඇත.
සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් නම්කළ මන්ත්‍රීවරුන් තිදෙනෙකු සහ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් නම්කළ මන්ත්‍රීවරයෙකු ඒ අනුව දිවුරුම් දීමට නියමිතය.
ඉන් අනතුරුව නව කථානායකවරයකු තෝරා පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තුව කටයුතු කරනු ඇත.
ඉන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාචික පිළිතුරු සඳහා ප්‍රශ්න ඇසීමට අවස්ථාව ලබා දෙන බව එම නිවේදනයේ දැක්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart