
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හම්බන්තොට සිට නාවික සැතපුම් 20 ක් පමණ (කිලෝ මීටර් 37 ක් පමණ) ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ දී හදිසි රෝගී තත්වයකට ලක්වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමුකිරීමට නාවික හමුදාව 2023 අගෝස්තු මස 01වැනිදා කටයුතු කර ඇත.
කලමැටිය ධීවර වරායෙන් 2023 ජුලි මස 30වැනිදා ධීවරයින් පස්දෙනකු (05) සමඟ ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ ‘වර්ෂාන් පුතා 03’ නමැති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයකු හම්බන්තොට සිට ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසට වන්නට වූ මුහුදු ප්‍රදේශයේදී හදිසියේ රෝගී තත්ත්වයට ලක්වී ඇති බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදා මුලස්ථානයේ පිහිටි කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත දැනුම්දී ඇත.
එම දැනුම්දීමට වහාම ප්‍රතිචාර දක්වා ඇති නාවික හමුදාව, රෝගී තත්වයේ සිටි ධීවරයා ප්‍රතිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට දකුණු නාවික විධානයට අනුයුක්ත පී 475 වේග ප්‍රහාරක මුර යාත්‍රාව රෝගී ධීවරයා සහිත බහුදින ධීවර යාත්‍රාව පිහිටි මුහුදු ප්‍රදේශය වෙත යොමු කර තිබේ.
ඒ අනුව, පවත්නා රළු මුහුදු ස්වභාවය හමුවේ මහත් පරිශ්‍රමයක් යොදා 2023 අගෝස්තු මස 01වැනිදා රෝගීවූ ධීවරයා හම්බන්තොට සිට නාවික සැතපුම් 20 ක් පමණ (කිලෝ මීටර් 37 ක් පමණ) ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ දී වේග ප්‍රහාරක යාත්‍රාව වෙත ලබාගැනීමෙන් අනතුරුව, එම ධීවරයා වෙත ප්‍රථමාධාර ලබාදෙමින් හම්බන්තොට වරාය වෙත රැගෙනවිත් වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත යොමු කිරීමට කටයුතු කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart