
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් කිරීම ඊයේ කොළඹ SSC ක්‍රීඩාංගනයේදී ආරම්භ කෙරුණු අතර ජාතික ක්‍රිකට් කණ්ඩායම අද පෙරහුරු තරගයක නිරත වේ.
ඉන් අනතුරුව ඔවුන් ලබන 27වැනිදා මහනුවර බලා පිටත්ව යෑමට නියමිතය.
පසුගියදා පැවැති ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී ඇති වූ ආබාධය හේතුවෙන් දුෂ්මන්ත චමීරට ආසියානු කුසලාන තරගාවලියට සහභාගි වීමට ඉඩක් නැත.
එමෙන්ම,වනිඳු හසරංගට ආසියානු කුසලාන තරඟාවලියේ පළමු තරඟ කිහිපය අහිමි වීමට ඉඩ ඇති බව වාර්තා වේ.
ආබාධයකට ලක්වීමෙන් පසු ඔහුගේ ශාරීරික යෝග්‍යතා ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටින අතර, අවම වශයෙන් තරඟාවලියේ අවසන් තරග හෝ ක්‍රීඩාකිරීමේ බලාපොරොත්තුවෙන් සිටී.
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය පාකිස්ථානය සහ නේපාලය අතර ලබන 30 වැනිදා පාකිස්ථානයේදී පැවැත්වේ.
ශ්‍රී ලංකාව ආසියානු කුසලාන තරගාවලියේ සහභාගි වන පළමු තරගය ලබන 31 වැනිදා මහනුවර පල්ලෙකැලේ දී බංග්ලාදේශයට එරෙහිව පැවැත්විමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart