
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ආශිර්වාදයෙන් ලබන නොවැම්බර් 21 වැනිදා නුගේගොඩදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පවත්වන රැලියට සහයෝගය ලබාගැනීම වෙනුවෙන් එම පක්ෂයේ මීළඟ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ තමිල් අරසු පක්ෂයේ මහලේකම් ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මුණගැසීමට ගොස් තිබේ.
කෙසේවෙතත් තමිල් අරසු පක්ෂය මෙම රැලියට සහභාගී නොවන බව දැනටමත් ප්‍රකාශ කර ඇත.
මෙම හමුවීම සම්දන්ධයෙන් නාමල් රාජපක්ෂ සිය X ගිණුමේ මෙසේ සටහන් කර ඇත.
‘ජාතික ජන බලවේග ආණ්ඩුවට එරෙහිව විපක්ෂය විසින් සංවිධානය කරන ලද 21දා මහජන රැලිය සහ ජනතාවට දුන් පොරොන්දු ඉටුකිරීමට ඔවුන් අපොහොසත් වීම පිළිබඳව දැනුවත් කිරීම සඳහා මම තමිල් අරසු පක්ෂයේ මහලේකම් ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මුණගැසීමට ගියෙමි.
තමිල් අරසු පක්ෂය එම රැලියට සහභාගී නොවන නමුත්, විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂයක් ලෙස, න්‍යාය පත්‍රය සහ අප ආමන්ත්‍රණය කරන තීරණාත්මක කරුණු පිළිබඳව ඔවුන් දැනුවත් කිරීම අපට වැදගත් වේ.
වත්මන් රජය යටතේ අඛණ්ඩව ප්‍රමාද වූ, දිගු කලක් කල් දැමූ පළාත් සභා මැතිවරණ තවදුරටත් කල් දැමීමකින් තොරව පැවැත්විය යුතු බවට අපි දෙදෙනාම මතය බෙදාගතිමු. පළාත් පාලන ආයතන ශක්තිමත් කිරීම සඳහා මෙම මැතිවරණ අත්‍යවශ්‍ය වන අතර, ඒවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ඉදිරියට යාම අත්‍යවශ්‍ය වේ.’
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart