
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන තම වැටුප් පත්‍රිකාව ෆේස්බුක් ගිණුමේ ප්‍රකාශයට පත් කර ඇති අතර, ඒ අනුව එසේ කළ එකම මන්ත්‍රීවරයා බවට පත්ව ඇත.
ඒ අනුව ඔහු ශ්‍රී ලංකා මන්ත්‍රීවරයෙකුට හිමිවන සියලු වරප්‍රසාද හෙළිකර තිබේ.
එම වැටුප් පත්‍රිකාවල සඳහන් පරිදි මන්ත්‍රීවරයකුගේ මාසික දීමනාව රු. 54,285 ක්, විනෝදාස්වාද දීමනාව රු. 1000 ක්, දුරකථන දීමනාව රු. 50,000 ක්, ආසන දීමනාව රු. 5000 ක්, කාර්යාල දීමනාව රු. 100,000 ක්, ඉන්ධන දීමනාව රු. 97,428.92 ක් සහ ප්‍රවාහන දීමනාව රු. 15,000 ක් වේ.
ඔහුගේ ශුද්ධ වැටුප රු. 317,760.39. වැටුප් පත්‍රිකාවට අනුව මාසික අඩුකිරීම්වලට ආහාර සැපයීම සඳහා රු. 1200 ක් සහ පෞද්ගලික ආදායම් බද්ද ලෙස රු. 3,728.53 ක් ඇතුළත් වන අතර තවත් රු. 25 ක් මුද්දර ගාස්තු ලෙස අඩුකරනු ලැබේ.
ඩේලි මිරර් සමග අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පවසා ඇත්තේ, ඔහු තම මුළු වැටුපම සමාජ සුබසාධන කටයුතු සඳහා භාවිත කරන බැවින් වැටුප් පත්‍රිකාව ප්‍රකාශයට පත්කිරීමට තීරණය කළ බවයි.
“කලින් මම වැටුප භාරනොගැනීමට තීරණය කළා. කෙසේවෙතත්, පසුව මම තීරණය කළේ මම වැටුප ලබාගෙන එය භාණ්ඩාගාරයට ආපසු නොදී සම්පූර්ණයෙන්ම සමාජ සේවා කටයුතු සඳහා යෙදවිය යුතු බවයි. ඇත්තටම මම මගේ වැටුප මෙන් දෙගුණයක් සමාජ වැඩ සඳහා වියදම් කළා. මගේ මැතිවරණ කොට්ඨාශයේ අය මම කරන දේ දන්නවා” ඔහු පවසා ඇත.
“මම ව්‍යාපාරිකයෙක් නිසා මට වැටුපක් අවශ්‍ය නැහැ” ඔහු තවදුරටත් සඳහන් කර තිබේ.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart