
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මීයකු වැටී මැරී තිබූ වතුර ටැංකියකින් වතුර පානය කළ තණමල්විල කිවුල්ආරේ පාසලක දරුවන් 20 දෙනකු සහ ගුරුවරියක, රෝගීව රෝහල්ගත කර ඇතැයි තණමල්විල පොලිසිය කියයි.
පාසලේ පානීය ජල ව්‍යාපෘතිය හරහා ජලය බෙදාහරින මෙම ටැංකියෙන් ජලය පානය කිරීමෙන් පසු ඇති වූ ආසාත්මිකතාවක් හේතුවෙන් පෙරේදා (11) මෙම පිරිස රෝහල්ගත කර ඇත.
මෙම සිසුන්, පෙරවරු කාලයේත් පාසල් විවේක කාලය තුළ හා උදෑසන ආහාර ගෙන වතුර පානය කර ඇතැයි අනාවරණය වී යැයි පොලිසිය කියයි.
සුළු වේලාවකින් එම සිසුන් ආසාත්මිකතාවක් හේතුවෙන් රෝහල්ගත බව පාසලේ ප්‍රකාශකයෙක් කීය.
මෙම ජලය පානය කළ පිරිස, රෝගාතුර වීමෙන් පසුව, පාසල් බලධාරීන් ජල ටැංකිය පරීක්ෂා කර ඇති අතර එහිදී එහි මීයකු මියගොස් සිටියදී සොයාගෙන තිබේ.
මෙම අසාත්මිකතාවයට හේතුව මීයකු මියගොස් සිටි වතුර ටැංකියේ ජලය පානය කිරීම ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.
ආසාත්මිකතාව හේතුවෙන් රෝහල්ගත කළ කිසිවකුගේ තත්වය බරපතළ නොවන බව තණමල් විල රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart