
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පරිසර අමාත්‍යාංශයේ ‘වනස්පති’ පරිසර ආරක්ෂණ වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ‘වන සුරැකුම’ මධ්‍යස්ථානයේ 1995 දුරකථන අංකය හරහා මහජන පැමිණිලි 500කට වැඩි ප්‍රමාණයක් ලැබී ඇති බව පරිසර අමාත්‍යාංශය නිවේදනය කළේය.
වන විනාශය, වනජීවී අපරාධ, කඩොලාන තෙත්බිම් නීති විරෝධී ලෙස ගොඩකිරීම සහ ආරක්ෂිත වනාන්තර ප්‍රදේශ ආක්‍රමණය කිරීම වැනි සිදුවීම් වාර්තා කිරීමට පුරවැසියන්ට මෙම ක්ෂණික ඇමතුම් අංකය ප්‍රධාන මාර්ගයක් බවට පත්ව ඇත.
2025 නොවැම්බර් 3 සිට නොවැම්බර් 12 දක්වා (දහවල් 12 වන විට) කාලයේ, මුළු පැමිණිලි ඇමතුම් 61ක් වාර්තා වී ඇත.
ඉන් බහුතරයක් ආරක්ෂිත වනාන්තර ආක්‍රමණය කිරීම සහ වනජීවීන් අදාළ වැරදි සම්බන්ධයෙන් ය.
මේ දක්වා ලැබී ඇති මුළු පැමිණිලිවලින් 53කට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සම්බන්ධ වී තිබේ.
මෙම සිදුවීම් අතරින් 13ක් සම්බන්ධයෙන් විමර්ශන අවසන් කර ඇති අතර නීතිමය ක්‍රියාමාර්ග දැනටමත් ආරම්භ කර ඇත.
ඉතිරි සිදුවීම් 40 අදාළ වන සංරක්ෂණ කාර්යාල මට්ටමින් දැනට විමර්ශනය වෙමින් පවතින අතර, නීතිමය කටයුතු කඩිනමින් සිදු කිරීමට අපේක්ෂා කෙරේ.
මීට අමතරව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට සම්බන්ධ පැමිණිලි අටක් මූලික විමර්ශනවලින් පසුව නීතිමය ක්‍රියාමාර්ග සඳහා යොමු කර ඇත.
වන සුරැකුම මෙහෙයුම් ඒකකය පිහිටුවීමේ ප්‍රධාන අරමුණ වන්නේ පාරිසරික හායනය සහ ශ්‍රී ලංකාවේ ස්වාභාවික පරිසර පද්ධතිවලට තර්ජනයක් වන නීති විරෝධී ක්‍රියාකාරකම් පිළිබඳ මහජන පැමිණිලි සම්බන්ධයෙන් කඩිනම් ප්‍රතිචාර දැක්වීම සහ නීතිමය බලාත්මක කිරීම බව අමාත්‍යාංශය පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart