
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විදේශ පුහුණුව අවසන් කළ විශේෂඥ වෛද්‍යවරුන් බොහෝ පිරිසක් මේ වන විට රට හැර නොගොස් මෙරට රැඳී සිටීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
නැගෙනහිර පළාතේ එරාවුර් රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඔහු මේ බව පැවසුවේය.
මෙම සංචාරයේදී අමාත්‍යවරයා රෝහල් කාර්ය මණ්ඩලය සහ කළමනාකාරීත්වය මුහුණ දී ඇති අභියෝග පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ සාකච්ඡාවක ද නිරත වී තිබේ.
“මීට පෙර විදේශ පුහුණුව ලබා පැමිණීමෙන් අනතුරුව උතුරු නැගෙනහිර වැනි දුෂ්කර ප්‍රදේශවලට යොමුකළ විශේෂඥ වෛද්‍යවරු බොහෝදෙනෙක් නැවත රට හැර ගියා. අපි බලයට පත්වන විට ඒ සංඛ්‍යාව 70%ක් පමණ වුණා. නමුත් දැන් ඒ අයගෙන් 60%ක් 70%ක් පමණ රටේම රැඳීසිටිනවා. ඒක හොඳ ලකුණක්” අමාත්‍යවරයා පැවසීය.
ශ්‍රී ලංකාවේ දැනට විශේෂඥ වෛද්‍යවරුන් 2,000ක් පමණ සිටින බවත්, පුහුණුව සඳහා විදේශ ගතවන සියලුම විශේෂඥ වෛද්‍යවරුන් නැවත ග්‍රාමීය ප්‍රදේශවල රෝහල්වල සේවයට පවා ගෙන්වා ගැනීමට රජය කටයුතු කරමින් සිටින බවත් ඔහු පැහැදිලි කළේය.
මෙම වෛද්‍යවරුන් රට තුළ රඳවා තබාගෙන වෛද්‍ය හිඟය කඩිනමින් විසඳාගැනීමට අවශ්‍ය සියලු පහසුකම් රජය විසින් ලබාදෙන බවද ඔහු පැවසීය.
ලක්ෂයකට අධික පිරිසකට සේවා සපයන එරාවුර් රෝහල පිළිබඳව කතා කළ අමාත්‍යවරයා, එහි ප්‍රජාවගේ අවශ්‍යතා සපුරාලීම සඳහා එය මූලික රෝහලක් ලෙස උසස් කළයුතු බව පැවසීය.
වඩා හොඳ පහසුකම් සහිත නව ගොඩනැඟිල්ලක් එකතු කළත් දැන් තිබෙන ලොකුම ප්රශ්නය සේවක හිඟය බවද ඇමැතිවරයා පෙන්වාදුන්නේය.
රෝහල් ඉදිකිරීමට වඩා පුරප්පාඩු පිරවීම දුෂ්කර බව පැවසූ අමාත්‍යවරයා, කාර්ය මණ්ඩල ගැටලු විසඳීම සඳහා රජය විසින් මේ වසරේ රෝහල් පුරප්පාඩු ලැයිස්තුව යාවත්කාලීන කරන බවට ද පොරොන්දු විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart