
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සෞදියේ සිටින ශ්රී ලාංකිකයෙකු වන අනෝජන් සිවරාසාට පනවා තිබූ මරණ දඬුවම ඉවත් කර ගැනීමට මැදිහත් වූ සෞදි අරාබි රජයට සහ ඒ සඳහා සහය දැක්වූ සියලු පාර්ශ්වයන්ට විපක්ෂ නායක සජිත් ප්රේමදාස සිය කෘතඥතාව පළ කර සිටියි.
සෞදි ශ්රේෂ්ඨාධිකරණය විසින් අනෝජන්ගේ මරණ දඬුවම අහෝසි කිරීමට තීරණය කිරීමත් සමඟ ඔහුගේ ජීවිතය බේරා ගැනීමට හැකිවීම පිළිබඳව තමන් බෙහෙවින් සතුටට පත්වන බව සජිත් ප්රේමදාස පැවසීය.
ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා සහ උපුල් කුමාරප්පෙරුම ඇතුළු නීතිඥ කණ්ඩායමටත්, ශ්රී ලංකාවේ සෞදි අරාබි තානාපතිවරයාටත්, මෙම කර්තව්යය සඳහා දායක වූ සියලු දෙනාටත් විපක්ෂ නායකවරයා මෙහිදී ස්තූතිය පුද කළේය.
අනෝජන්ගේ ජීවත් වීමේ අයිතිය සුරක්ෂිත කිරීම සඳහා තමන් ඇතුළු කණ්ඩායම ද උපරිම ශක්තියෙන් කැපවී ක්රියා කළ බව විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
ලැබුණු මෙම සාධනීය තීරණය සම්බන්ධයෙන් සෞදි අරාබි ශ්රේෂ්ඨාධිකරණයට සහ සෞදි අරාබියේ රාජ්ය නායකයාට සිය විශේෂ ඇගයීම පිරිනමන බව ද ඔහු පැවසීය.
මෙම තීරණය විශාල අස්වැසිල්ලක් බවත්, ඒ සඳහා කැපවූ සහ සහයෝගය දැක්වූ සැමට සිය ගෞරවය හා කෘතඥතාව හිමිවන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart