
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අද සිට ක්‍රියාත්මක වන පරිදි අමෙරිකාව ඇඟලුම් සහ රෙදිපිළි මෙන්ම මැණික් හා ස්වර්ණාභරණ, ඉස්සන්, බුමුතුරුණු සහ ගෘහ භාණ්ඩ දක්වා ඩොලර් බිලියන 60.2 ක් වටිනා ඉන්දියානු අපනයන සඳහා 50% තීරුබදු පැනවීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
මෙම බදු පැනවීම වාර්තා වන්නේ, ට්‍රම්ප්ගේ ඒකපාර්ශ්වික පියවරේ ආර්ථික පීඩනයට ඉන්දියාවට ඔරොත්තු දිය හැකි බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසා දින දෙකකින් අනතුරුවය.
“අද මේ ලෝකයේ ඇත්තේ ආර්ථිකමය ආත්මාර්ථකාමී දේශපාලනයක්, සෑම කෙනෙකුම තමන් ගැන සොයාබලයි. අපි මෙය දකිනවා, කොපමණ පීඩනයක් ආවත් ඊට ඔරොත්තු දීමේ ශක්තිය අපි තව තවත් වැඩිකර ගන්නවා” යනුවෙන් මෝදි අහමදාබාද්හි පැවති මහජන රැලියකදී පැවසීය.
මේ අතර ට්‍රම්ප් පරිපාලනයේ බදු ප්‍රතිපත්තිය හමුවේ ඉන්දියාව සහ අමෙරිකාව අතර සබඳතා දැඩි ලෙස පළුදු වෙමින් ඇතැයි වාර්තා වේ.
ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කළේ, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෑත සති කිහිපයේදීම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග දුරකතනයෙන් සාකච්ඡා කිරීමට උත්සහ කර ඇති බවයි.
ඒ අනුව ට්‍රම්ප් මෝදි වෙත අවස්ථා හතරකදී දුරකතන ඇමතුම් ලබා දී ඇතත් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එම ඇමතුම් ලබාගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart