October 12, 2026

හිටපු රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ සමගි ජන බලවේගයේ කුරුණෑගල ආසන ප්‍රධාන සංවිධායක ධුරයෙන් සහ තමන් පක්ෂය තුළ දැරූ සසුළු තනතුරුවලින් ඉල්ලා අස්වී තිබේ.

සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර වෙත ලිපියක් යොමු කරමින් අශෝක් අබේසිංහ තහවුරු කර ඇත්තේ තමන් නියෝජ්‍ය මහලේකම්, සමගි සේවක සංගමයේ සභාපති, විපක්ෂ නායකවරයාගේ වෘත්තීය සමිති සම්බන්ධීකරණ ලේකම් සහ පක්ෂයේ විධායක කමිටු සාමාජික යන තනතුරුවලින් ඉල්ලා අස්වන බවයි.

පක්ෂයේ ආරම්භයේ සිටම ඊට සම්බන්ධ වීමට ලැබීම පිළිබඳව තමන් සතුටු වන බවත්, පක්ෂයේ කටයුතු ඉදිරියට ගනයෑමට සහ එය ජයග්‍රහණය කරා මෙහෙයවීමට දරන උත්සාහයන් සඳහා පක්ෂයේ සාමාජිකයින්ට ශක්තිය ප්‍රාර්ථනා කරන බවත් අශෝක් අබේසිංහ පවසයි.