
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අනුරාධපුර පූජා නගරය සංවර්ධනය කිරීම සඳහා ඉන්දීය රජයෙන් විශාල මූල්‍ය ආධාරයක් බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය.
පසුගිය ඉරිදා (11) ඉබ්බාගමුවේ පැවැති ජන රැළියක් අමතමින් ජනාධිපතිවරයා සඳහන් කරන ලද්දේ, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතාවල ප්‍රතිඵලයක් ලෙස මෙම මූල්‍ය ආධාරය හිමි වන බවයි.
මෙහිදී ‘දීට්වා’ සුළි කුණාටුවෙන් පසු ඉන්දියාව විසින් අමෙරිකානු ඩොලර් මිලියන 100 ක ආධාරයක් ලබාදීමට කටයුතු කළ ආකාරය මෙන්ම, තාවකාලික පාලම් රැසක් සහ අතිරේක පාලම් ඉදිකිරීම සඳහා ණය ආධාර ලබාදුන් අයුරුද ජනාධිපතිවරයා සිහිපත් කළේය.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ නියෝජිතයකු ලෙස ඉන්දීය විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණ ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කරගැනීම අරමුණු කරගනිමින් සාකච්ඡා පවත්වන ලද බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.
මේ අතර, මෙරට පොදු ප්‍රවාහන අංශය සංවර්ධනය කිරීම සඳහා ජපානය සහ චීනය ඇතුළු අනෙකුත් රටවල් සමඟ පවතින සහයෝගීතාව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළ අතර, ශ්‍රී ලංකාවේ නව පොදු ප්‍රවාහන ව්‍යාපෘතියක් සඳහා බස් රථ ලබා දීමට ජපානය එකඟ වී ඇති බවත්, එම බස් රථ මේ වන විටත් මෙරටට ලැබී ඇති බවත් ප්‍රකාශ කළේය.
ඊට අමතරව, ශ්‍රී ලංකාව කළ ඉල්ලීමකට අනුව විදුලි බස් රථ 100ක් ලබා දීමට චීන රජය එකඟතාව පළකර ඇති බවද ජනාධිපතිවරයා හෙළිකළේය.
රජයේ විදේශ ප්‍රතිපත්ති ප්‍රවේශය පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපති ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාව සියලු රටවල් සමඟ සමබර තානාපති සබඳතා අඛණ්ඩව පවත්වාගෙන යන බවයි.
අන්තර්ජාතික ගැටුම්වලදී කිසිදු විශේෂ බලගැන්වීමකට පක්ෂපාතීව නොසිටින බව අවධාරණය කළ ඔහු, ස්වාධීන සහ සමබර විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට කැපවී සිටින බව අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart