
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ නොගැසූ බව මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළු එම පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් හමුවේ අද (12) පැවසූහ.
මල්වතු මහනාහිමියන් එසේ පැවසුවේ “ජනතා විමුක්ති පෙරමුණ දළදා මාලිගාවටත් බෝම්බ ගැහුවා” යැයි රංජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රීවරයා කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමිනි.
දළදා මාලිගාවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළේ ජනතා විමුක්ති පෙරමුණ නොව එල්.ටී.ටී.ඊ සංවිධානය බවද මහනාහිමියෝ ප්‍රකාශ කළහ.
ජාතික ජනබලවේගය මේ රටේ බලයට පැමිණියහොත් පෙරහර පවා නතර කරනු ඇතැයි ඇතැම් පිරිස් පැවසුවද අද එවැනි තත්ත්වයක් මතුව නැතැයිද උන්වහන්සේ කීහ.
රංජිත් මද්දුම බණ්ඩාර සමඟ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අධිනීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල, සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහිණි කවිරත්න, ජේ.සී. අලවතුවල, සුජීව සේනසිංහ, කින්ස් නෙල්සන්, චමින්ද්‍රාණි කිරිඇල්ල යන අය ඇතුළු පිරිසක් මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ බැහැදැක ඥානසාර හිමියන්ගේ චීවරය ගැලවීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධව මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ සමඟ සාකච්ඡාවක නිතර වූහ.
එහිදී මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ සහ සමගි ජනබලවේගයේ නියෝජිත පිරිස අතර දීර්ඝ කතාබහක් ඇතිවිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart