
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සෞදි අරාබියේ රියාද් නගරයේ කිං කාලිඩ් අන්තර්ජාතික ගුවන් තොටුපොළට පසුගිය සෙනසුරාදා (ඔක්තෝබර් 10) එල්ල වූ හූති මිසයිල ප්‍රහාරයේ මාරාන්තික මොහොත ඇතුළත් CCTV දර්ශන මේ වන විට මාධ්‍ය වෙත නිකුත් වී තිබේ.
Al Arabiya විසින් නිකුත් කර ඇති මෙම දර්ශනවල දැක්වෙන්නේ ගුවන් ගමන් සඳහා සූදාමින් සිටි උම්රා බැතිමතුන් ඇතුළු මගීන් පිරිසක් පර්යන්තය තුළ රැඳී සිටින අවස්ථාවේදී හදිසි පිපිරීමක් සිදුවන ආකාරයයි.
එකවර ඇති වන දැඩි එළියත් සමඟ ගොඩනැගිල්ලේ සුන්බුන් කඩාවැටෙන අතර, භීතියට පත් මගීන් ආරක්ෂාව පතා දිවයන අයුරු එම වීඩියෝවෙන් පෙන්නුම් කරනු ලබයි.
මෙම ප්‍රහාරයෙන් මුලින් මරණ 12 ක් සහ තුවාල ලැබූවන් 309 ක් වාර්තා වූ නමුත්, ප්‍රහාරයෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි ඉන්දියානු ජාතිකයකු ජීවිතක්ෂයට පත්වීමත් සමඟ මරණ සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගොස් ඇත.
ගුවන් තොටුපොළේ මෙහෙයුම් කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල කරමින් සහ අන්තර්ජාතික ගුවන් ගමන්වලට දැඩි බාධා පමුණුවමින් එල්ල වූ මෙම ප්‍රහාරයේ වගකීම යේමනයේ හූති සංවිධානය විසින් භාරගෙන තිබේ.
සෞදි බලධාරීන් පවසන පරිදි, ඉන් පසු දින (11) ද මෙම ගුවන් තොටුපළ ඉලක්ක කර යළිත් ප්‍රහාරයක් එල්ල වී ඇති අතර, එයින් තවත් අයකු මියගොස් 11 දෙනකු තුවාල ලබා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart