
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රාජ්‍ය අගය කිරීම් උදෙසා පිරිනමනු ලබන ‘සේවාභිමානී පදක්කම’ සහ ‘සේවා පදක්කම’ සඳහා සුදුසුකම් ලබන්නන්ගේ පරාසය ත්‍රිවිධ හමුදාවට පමණක් සීමාකිරීමට රජය පියවර ගෙන ඇත. ඒ අනුව මීට පෙර එම පදක්කම් සඳහා සුදුසුකම් ලැබූ අමාත්‍යවරුන් සහ ආරක්ෂක ලේකම්වරයා ඇතුළු සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයන් එම සුදුසුකම් ලැබීමේ ලැයිස්තුවෙන් ඉවත්කර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉකුත් අඟහරුවාදා (23 වැනිදා) නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනයක් මඟින් මෙම සංශෝධනය සිදුකර ඇති අතර, ඒ අනුව මෙම පදක්කම් ගෞරවය මින් ඉදිරියට යුද, නාවික සහ ගුවන් යන ත්‍රිවිධ හමුදාවන්ට පමණක් සුවිශේෂී වනු ඇත.
මෙම නව තීරණයට අනුව, 2009 මැයි 19 වැනිදායින් පසු යුද පශ්චාත් කාලීන කටයුතු වෙනුවෙන් දක්වන ලද වටිනා දායකත්වය අගය කරමින් ත්‍රිවිධ හමුදාවේ නිත්‍ය සහ ස්වේච්ඡා බලකායන්හි සියලුම නිලයන් සඳහා මෙම පදක්කම් පිරිනැමිය හැකිය.
2019 වසරේ නිකුත් කර තිබූ පෙර ගැසට් නිවේදන අවලංගු කරමින් නිකුත් කර ඇති මෙම නව ගැසට් පත්‍රය මඟින්, ‘සේවාභිමානී පදක්කම’ සඳහා වසර හයක අනිවාර්ය සක්‍රීය සේවා කාලයක් ද, ‘සේවා පදක්කම’ සඳහා 2009 මැයි 19 වැනිදායින් පසුව වසර තුනක සේවා කාලයක් ද සම්පූර්ණ කර තිබීම අනිවාර්ය කර ඇත.
යම් හෙයකින් මෙම පදක්කම්ලාභියකු ජීවිතක්ෂයට පත්ව සිටී නම්, එම ගෞරව පදක්කම ඔහුගේ හෝ ඇයගේ නීත්‍යානුකූල ළඟම ඥාතියා වෙත හෝ එම ඥාතියා විසින් නම් කරනු ලබන වෙනත් අයෙකු වෙත මරණින් පසු ප්‍රදානය කිරීමට ද මෙම නව ගැසට් නිවේදනය මඟින් ප්‍රතිපාදන සලසා තිබේ.
මේ අතර, ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන්ට ද ‘සේවාභිමානී පදක්කම’ සහ ‘සේවා පදක්කම’ යන කාණ්ඩ දෙකම පිරිනැමීමේ සුදුසුකම් ඇතුළත් කරමින් වෙනමම අතිවිශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කර ඇත.



Adding {{itemName}} to cart
Added {{itemName}} to cart