
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දේශීය ලොකු ලූනු ගොවීන් මුහුණ දී සිටින ගැටලු විසඳීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කිරීම පිළිබඳ එම ගොවීන් සමඟ සාකච්ඡාවක් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ යන අයගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
වී වගාව කෙරෙහි දීර්ඝ කාලයක් පුරා අවධානය යොමු කරමින් වී ගොවියා ආරක්ෂා කර ගැනීමට නිශ්චිත වැඩපිළිවෙළක් සකස් කර තිබුණද අනෙකුත් බෝග පිළිබඳ නිශ්චිත වැඩපිළිවෙළක් රට තුළ මෙතෙක් සකස් කර නොමැති බව මෙහිදී පෙන්වාදුන් පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත දේශීය ලොකු ලූනු ගොවීන්ගේ ගැටලු විසඳීමට රජයක් ලෙස නිශ්චිත වැඩපිළිවෙළක් සකස් කෙරෙන පළමු අවස්ථාව මෙය බවත්, සියලු ගොවීන් ආරක්ෂා කර ගනිමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම වත්මන් රජයේ අරමුණ බවත් සඳහන් කළේය.
ලොකු ලූනු ගොවීන්ගේ ගැටලුවට විසදුම් සෙවීමේදී එම ගැටලුවලට ප්‍රමුඛතාව ලබා දෙන අතරම පාරිභෝගිකයාට දැරිය හැකි මිලකට ලූනු ලබා ගැනීමට අවස්ථාව සලසා දෙමින් ඊට විසදුම් සෙවීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරිණි. එම තීන්දු තීරණ ගැනීමේදී නිවැරදි දත්ත මත පදනම්ව කටයුතු කිරීමේ අවශ්‍යතාවද අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පැහැදිලි කළේය.
ලොකු ලූනු නිෂ්පාදනය ඉහළ නැංවීම සහ මිල ක්‍රමවේදය පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර දේශීය ලොකු ලූනු වගාවට අදාළ තිරසාර නිෂ්පාදන සහ අළෙවිකරණය සඳහා වූ උපායමාර්ග සහ ක්‍රියාමාර්ග පිළිබඳව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලද වාර්තාවද ඉදිරිපත් කෙරිණි.
2025 වසරේ 17%ක් වන ලොකු ලූනු නිෂ්පාදනය 2026 වසරේ 22%ක් සහ 2027 වසරේ 27% දක්වා ඉහළ නංවා ගැනීමට සැලසුම් සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරේ.
ගොවියාට අසාධාරණයක් නොවන අන්දමින් ලොකු ලූනු සඳහා ස්ථාවර මිලක් නියම කිරීමට රජය තීරණය කර තිබෙන බවද මෙහිදී අවධාරණය කෙරුණු අතර, ගබඩාකරණය ඇතුළු ගොවින්ගේ පහසුකම් පුළුල් කිරිමට ගත හැකි පියවර පිළිබඳවද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
විශාල පරතරයක් සහිතව මිල උච්ඡාවචනය වීම තමන් මුහුණ දෙන විශාල ගැටලුවක් බව මෙහිදී පෙන්වා දුන් ගොවීහු එම අවදානමට මුහුණ දෙමින් තමන් වගා කටයුතුවල නිරත වන බවත්, විශාල ආදායමක් ලබාගත හැකි ක්ෂේත්රයක් වන ලොකු ලූනු වගාවෙහි අඛණ්ඩව නිරත වීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙසත් රජයෙන් ඉල්ලා සිටියහ.
මෙම ක්ෂේත්රයේ නියුතු ගොවීහු විශාල පිරිසක් කුඩා ඉඩම් ප්‍රමාණයක වගා කරන පිරිස් වන බැවින් නිෂ්පාදන පිරිවැය ගණනය කිරීම වැනි තීන්දු තීරණ ගැනීමේදි එම සාධකයද සලකා බලා ගණනය කිරීම් සිදු කිරීමේ අවශ්‍යතාව මෙහිදි පැහැදිළි කළ අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත හදිසි අවස්ථාවලදී අවශ්‍ය මැදිහත්වීම් සිදුකිරීමට පහසුවන පරිදි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි වන ලෙසද සියලු ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
තමන් මුහුණ දී තිබෙන ගැටලු විසඳීමට පළමු වතාවට රජයක් ලෙස නිශ්චිත වැඩපිළිවෙළක් සහිතව මැදිහත්වීම පිළිබඳ මෙහිදී රජයට ස්තූතිය පළ කළ ගොවි ජනතාව තමන් වත්මන් රජය කෙරෙහි විශ්වාසය තබා ඇති බවත්, මෙම ගැටලුවට විසඳුම් සෙවීමේදී රජය සමඟ එක්ව කටයුතු කිරීමට සූදානම් බවත් සඳහන් කළහ.
කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්.ඒ.ආර්.ටි. වික්‍රමාරච්චි සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහුද, දඹුල්ල සහ ගලෙන්බිදුණුවැව ලොකු ලූනු ගොවීන් නියෝජනය කරමින් ගොවීහු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.(PMD)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart