
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කුරුවිට බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය බන්ධනාගාර බලධාරීන් විසින් අවම බලය යොදා වෙඩි තැබීමෙන් පසුව සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර ප්‍රකාශ කර ඇත.
මෙම ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇති අතර, තවත් පුද්ගලයන් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
මෙම නොසන්සුන් තත්ත්වය ඊයේ (6) රාත්‍රියේ ප්‍රථමයෙන් හටගෙන ඇති අතර එය පාලනය කිරීමට පියවර ගෙන තිබිණි.
පසුව අද (07) උදෑසන නැවතත් රැඳවියන් අතර නොසන්සුන්තාවක් හටගෙන ඇති අතර, එය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇත.
තත්ත්වය වඩාත් නරක අතට හැරීමත් සමඟ බන්ධනාගාර බලධාරීන් විසින් අවම බලය යොදා වෙඩි තබා තත්ත්වය පාලනය කර ඇත.
සිදුවූ නොසන්සුන්තාව අතරතුර රැඳවියන් පිරිසක් විසින් බන්ධනාගාර රෝහලට ද හානි සිදුකර ඇති බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart