
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ්ගේ මන්ත්‍රී ධුරය පුරප්පාඩු වී ඇති බවට පාර්ලිමේන්තු මහලේකම්වරයාගෙන් මැතිවරණ කොමිෂන් සභාවට නිල වශයෙන් දැනුම්දීමක් ලැබී ඇති බව වාර්තා වේ.
පසුගිය සතියේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් ඔහු නෙරපා හැරීමේ නීත්‍යානුකූලභාවය තහවුරු කරන ලද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් අනතුරුව මෙම පියවර ගෙන තිබේ.
2022 අප්‍රේල් මාසයේදී නසීර් අහමඩ් සිය දේශපාලන ස්ථාවරය වෙනස් කිරීමෙන් පසු, ඔහුව පක්ෂයෙන් නෙරපා හැරීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තීරණය කරන ලද අතර පසුව ගෝඨාභය රාජපක්ෂ ප්රමුඛ රජයේ පරිසර ඇමැතිවරයා ලෙස දිවුරුම් දුන්නේය.
ඇමැති නසීර් අහමඩ් පක්ෂයෙන් නෙරපා හැරීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ගත් තීරණය වලංගු සහ නීත්‍යානුකූල බව පසුගියදා ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් තහවුරු විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart