
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ව්‍යාජ ගෙවීම් රිසිට්පත් ඉදිරිපත් කරමින් සහ ජංගම දුරකථනය හරහා ඇණවුම් කරන ලද භාණ්ඩ සඳහා ගෙවීම් කළ බව පවසමින් රුපියල් ලක්ෂ ගණනක මූල්‍ය වංචා සිදු කිරීම සම්බන්ධයෙන් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති පරිගණක අපරාධ විමර්ශන අංශයේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන ඒකකයට ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
පැමිණිල්ලට අනුව, සැකකරු ප්‍රසිද්ධ දේශපාලනඥයකුගේ සහෝදරයකු ලෙස පෙනී සිටිමින් රුපියල් 85,000ක් වටිනා සුරතල් බල්ලකු මිලදී ගෙන හිමිකරුට පොරොන්දු වූ ගෙවීම සිදු කර නැත.
සැකකරු එම මුදල බැංකු ගිණුමට බැර කර ඇති බව සඳහන් රිසිට්පතක් තම ජංගම දුරකථනයට යොමු කර ඇති බව පැමිණිලිකරු පැවසීය.
ගෙවීම විශ්වාස කරමින්, පැමිණිලිකරු එම සුනඛයා රත්නපුරයේ සිට ත්‍රිරෝද රථයකින් සැකකරුගේ ලිපිනයට තම වියදමින් යැවීමට කටයුතු කර තිබේ.
කෙසේවෙතත්, පසුව හෙළිවී ඇත්තේ අදාළ ගෙවීම් රිසිට්පත ව්‍යාජ එකක් බවයි.
පරීක්ෂණවලින් පසු සැකකරු කොළඹදී අත්අඩංගුවට ගන්නා ලදී.
වැඩිදුර පරීක්ෂණවලදී අනාවරණය වූයේ එම සැකකරුම නාවල ප්‍රදේශයේ මස් කඩයකින් රුපියල් 31,187ක මස් නිෂ්පාදන ලබාගෙන ඇත්තේ ඒ හා සමාන ව්‍යාජ රිසිට්පතක් භාවිත කර බවයි.
මීට අමතරව, ඔහු ඒ ආකාරයෙන්ම රුපියල් 200,000ක් වටිනා රූපවාහිනී යන්ත්‍රයක් වංචනික ලෙස ලබාගෙන ඇත.
සැකකරු දීර්ඝ කාලයක් තිස්සේ කේක් ඇතුළු ආහාර ද්‍රව්‍ය රුපියල් මිලියනයකට ආසන්න වටිනාකමකින් යුත් ප්‍රමාණයක් ලබා ගැනීම සඳහා මෙම ක්රමයම භාවිත කර ඇති බව වාර්තා වේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී, සැකකරුගේ ශීතකරණයේ ගබඩා කර තිබූ කේක් සහ අනෙකුත් ආහාර ද්‍රව්‍ය පොලිසිය විසින් සොයා ගන්නා ලද අතර ඒවා ව්‍යාජ ගෙවීම් රිසිට්පත් භාවිත කර ලබාගත් බවට සැක කෙරේ.
සැකකරු අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර ජූලි 8 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart