
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක දොරටුව විවෘත කිරීමට උත්සාහ කළ බව පැවසෙන ජෝර්දාන ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
විදෙස් ජනමාධ්‍ය පැවසුවේ, අදාළ පුද්ගලයා පාලනය කර ගැනීමට ගුවන් යානයේ කාර්ය මණ්ඩලය සහ මගීන් විසින් දැඩි පරිශ්‍රමයක් දරා ඇති බවයි.
අනතුරුව යානය ගොඩබැස්සවීමේදී ගුවන් සමාගම හරහා ඔවුන් පොලිසියේ සහාය ඉල්ලා ඇතැයි ද වාර්තා වේ.
අත්අඩංගුවට ගැනුණු සැකකරු 45 හැවිරිදි Shadi Taiseer Alsaaydeh නමැත්තෙකු වන අතර, ඔහු ලබන බදාදා Sydney’s Downing Center ප්‍රාදේශීය අධිකරණයේ පෙනීසිටීමට නියමිත තිබේ.
ගුවන් යානයක ආරක්ෂාව අනතුරේ හෙළීමේ චෝදනා දෙකක් සහ යානයේ කාර්යමණ්ඩලයට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා ගොනුකර ඇතැයි සඳහන් වේ.
ක්වාලාලම්පූර් සිට ගමන් ගත් එයාර් ඒෂියා එක්ස් ගුවන් යානයක පසුපස හදිසි පිටවීමේ දොර විවෘත කිරීමට සැකකරු පළමුව උත්සහ කර ඇති බව පොලිසිය චෝදනා කරන අතර, ඔහුව ගුවන් යානයේ මැද අසුනකට කැඳවාගෙන යෑමට ගුවන් සේවා කාර්ය මණ්ඩලය දැඩි පරිශ්‍රමයක් දරා තිබේ.
පසුව ඔහු කාර්ය මණ්ඩලයට පෙර, මැද හදිසි පිටවීමේ දොර විවෘත කිරීමට උත්සාහ කර ඇත. එහිදී මගීන් ඔහුව බලහත්කාරයෙන් වළක්වා ඇති අතර, එම අවස්ථාවේදී ඔහු ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයකුට පහර දුන් බව කියනු ලැබේ.
ගුවන් යානය ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමත් සමග ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිස් නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුට එරෙහි චෝදනා සඳහා ඔහු වරදකරු වුවහොත් සෑම වරදකටම වසර 10 ක් බැගින් උපරිම සිරදඬුවමක් හිමිවනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart