
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාතික ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට ඇතුළු වූ අශෝක රන්වල සතුව ඇතැයි කියන විදේශීය විශ්වවිද්‍යාලයක ආචාර්ය උපාධියේ සත්‍යතාව සහ පාර්ලිමේන්තු වෙබ් අඩවියේ, මෑතක දී ඔහුගේ නමින් ‘ආචාර්ය’ උපසර්ගය ඉවත් කිරීම, මහජන කතිකාවතක් නිර්මාණය කර ඇත.
මේ සම්බන්ධයෙන් ‘අද දෙරණ’ කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් කථානායක රංවල ප්‍රකාශ කර තිබුණේ අදාළ චෝදනා සම්බන්ධයෙන් සුදුසු අවස්ථාවේදී පිළිතුරු ලබාදෙන බවයි.
කථානායකවරයා පිළිතුරු දෙන දිනයක් හෝ වේලාවක් සඳහන් කර නොතිබුණු අතර, පසුව සම්බන්ධ කර ගැනීමට ගත් සියලු උත්සාහයන් නිෂ්ඵල විය.
කථානායකවරයා සතුව ඇතැයි කියන ආචාර්ය උපාධියේ සත්‍යතාව පිළිබඳව සොයාබලන්නේ දැයි ‘ඩේලි මෝනිං’ කළ විමසීමකදී ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් අබේසිංහ පවසා ඇත්තේ, මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කිරීමට කතානායකවරයාට පක්ෂය ඉඩ දී ඇති බවයි.
“මේක පෞද්ගලික දෙයක්. අපි අපේක්ෂකයන් තෝරනකොට ඒ අයගේ අධ්‍යාපන සුදුසුකම් බැලුවේ නැහැ.දේශපාලනයට ඒක අදාළ නැහැ. දැන් තමයි එහෙම අවශ්‍යතාවයක් ඇතිවෙලා තියෙන්නේ. ඉතින් අපි පක්ෂය විදියට එතුමාට ඉඩදීලා තියෙනවා, ප්‍රකාශයක් කර එය පැහැදිලි කරන්න. අපි බලාපොරොත්තු වෙනවා ඔහුගේ සුදුසුකම් ගැන අපි විශ්වාසයෙන් යුතුව ප්‍රකාශයක් කරයි කියලා.” යැයි ප්‍රධාන ලේකම්වරයා සඳහන් කර ඇත.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart