
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බුදුදහමට සහ බුද්ධ ශාසනයට විවිධ පාර්ශ්ව විසින් සිදුකරන ලදැයි කියන අපහාසාත්මක ක්‍රියාවලට පසුව එම පාර්ශවයන් සමාව අයැද සිටියද, ඒ සම්බන්ධයෙන් අඛණ්ඩව පරීක්ෂණ පවත්වන ලෙස සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වය අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා ඇත.
මහනාහිමිවරුන්ගෙන් සමාව ගැනීම පමණක් ප්‍රමාණවත් නොවන නමුත්, එම සිදුවීම්වලට බාධාවකින් තොරව සාධාරණය ඉටු කළ යුතු බව අස්ගිරි මහා විහාරයේ උත්තරීතර මහා සංඝ සභාවේ ලේඛකාධිකාරී පූජ්‍ය ආචාර්ය මැදගම ධම්මානන්ද හිමියෝ පවසති.
දේවගැති ජෙරොම් ප්‍රනාන්දු සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය ගැන පසුගියදා ඔහුගේ මාපියන් සමාව අයැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ධම්මානන්ද හිමියන්ගෙන් කළ විමසීමකදී, උන්වහන්සේ සඳහන් කර ඇත්තේ, අදාළ සිදුවීම එවැනිම සිදුවීම් මාලාවකින් එකක් පමණක් බවත්, එබැවින් නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් මේ සියල්ල සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බවත්ය.
කෙසේ වෙතත්, බෞද්ධ ප්‍රතිපත්ති අනුව එවැනි ප්‍රකාශ සිදුකරන අයට සමාවදීමට සූදානම් නමුත්, රටේ නීතියට අනුව ක්‍රියාමාර්ග ගතයුතු බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ප්‍රකාශ සිදුකරන කිසිවකුට නීතියෙන් සමාව නොදිය යුතු බවත්, උන්වහන්සේ වැඩිදුරටත් පවසති.
(The Morning)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart