
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දෙරට අතර යෝජිත විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ සම්බන්ධක ස්ථාන ලෙස ශ්‍රී ලංකාවේ වයඹ දෙසින් මන්නාරම සහ දකුණු ඉන්දියාවේ මදුරෙයි හඳුනාගෙන ඇති බව වාර්තා අනාවරණය කරයි.
මෙම ව්‍යාපෘතියට අදාළ සවිස්තර වාර්තාව සළකා බැලීම දෙරටේ විදුලිබල ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුත් ක්‍රියාකාරී කණ්ඩායම විසින් බොහෝ දුරට අවසන් කර ඇතැයි පැවැසේ.
දෙරට අතර විදුලි ජාල සම්බන්ධතාව පිළිබඳ සකච්ඡා 2003 තරම් ඈතට දිවයන නමුත් එය සක්‍රීය වී ඇත්තේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පසුගිය ඉන්දීය සංචාරයෙන් අනතුරුවය.
වාර්තා අනාවරණය කරන ආකාරයට, හඳුනාගත් සම්බන්ධක ස්ථාන පසුව වෙනස් නොකළහොත් යෝජිත විදුලි රැහැනේ සම්පූර්ණ දුර කිලෝමීටර් 280-300 කි.
මූලික ඇස්තමේන්තුවට අනුව ව්‍යාපෘතිය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 400කට වැඩි මුදලක් වැය වීමට ඉඩ ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart