
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක දුෂමන්ත චමීර සහ පා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ආබාධ හේතුවෙන් ඉදිරි ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සැකසහිතවීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට විවිධ පසුබෑමට ලක්ව ඇත.
ඊට අමතරව පිතිකරුවන් වන කුසල් ජනිත් පෙරේරාට සහ අවිශ්ක ප්‍රනාන්දුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.
පසුගියදා පැවැති ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය අතරතුර උරහිසේ ආබාධයකට ලක්වීම හේතුවෙන් චමීර සමස්ත ආසියානු කුසලාන තරඟාවලියෙන්ම ඉවත්විය හැකි බව ESPNCricinfo වාර්තා කරයි.
LPL අවසන් මහා තරගයට පෙර පාදයේ ආබාධයකට ලක් වූ හසරංගට අවම වශයෙන් ආසියානු කුසලානයේ පළමු තරග දෙක අහිමි විය හැකිය.
ශ්‍රී ලංකාව සිය ආසියානු කුසලාන සටන අගෝස්තු 31 වැනිදා පල්ලෙකැලේ දී බංග්ලාදේශයට එරෙහිව ආරම්භ කරයි.
කුසල් පෙරේරා සහ අවිශ්ක ප්‍රනාන්දු යන දෙදෙනාම ලංකා සංචිතයට ඇතුළත් කිරීම සුවය ලැබීමේ වේගය මත රඳා පවතී.
ශ්‍රී ලංකා කණ්ඩායම් කළමනාකාරීත්වය පවසන්නේ LPL තරගාවලියේ අවසාන අදියරේදී ඔවුන් දෙදෙනාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart