January 23, 2024

මල්වතුහිරිපිටිය පොලිස් වසමේ කහටාන ගණාරාම මහා විහාරස්ථානයේදී භික්ෂුවකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

මෙලෙස වෙඩි වැදීමට ලක්ව ඇත්තේ, කලපලුවාවේ ධම්මරතන නමැති වයස අවුරුදු 45ක භික්ෂුවකි.

T-56 වර්ගයේ වැනි අවියකින් වෙඩි උණ්ඩ දෙකක් මෙහිදී එල්ලකර ඇතැයි වාර්තා වේ.

CAO-5345 honda දම් පැහැති කාර් රථයෙන් සැකකරුවන් හතරදෙනකු වෙඩි තබා පළාගොස් ඇතැයි පොලිසිය පවසයි.

වෙඩි වැදුණු භික්ෂුව ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අපවත් වී ඇත.

වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.