
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ගමන් ගන්නා මෝටර් රථය ඊයේ රාත්‍රියේ ඔහුගේ ආරක්ෂක අංශයට අයත් මෝටර් රථ පෙළේ SUV රථයක ගැටී ඇතැයි වාර්තා වේ.
කෙසේවෙතත් ජනාධිපතිවරයා ආරක්ෂිතව සිටින බව ‘රොයිටර්’ වාර්තා කරයි.
අනතුර සිදුවන අවස්ථාවේ ජනාධිපතිවරයා සහ ජනාධිපති ආර්යාව ජිල් බයිඩන් ඔහුගේ මැතිවරණ ප්රචාරක මූලස්ථානයෙන් පිටව යමින් සිට ඇත.
සිද්ධියෙන් පසු ජනාධිපති ආර්යාව ජිල් බයිඩන් ද ආරක්ෂිතව සිටි බව වාර්තා වේ.
ධවල මන්දිර මාධ්‍ය සංචිතයට අනුව, ජනාධිපතිවරයා මෙම සිද්ධිය වන අවස්ථාවේ ඔහුගේ කණ්ඩායමේ සාමාජිකයන් සමඟ ආහාර ගැනීමෙන් පසු රාත්‍රී 8:07ට වැසි සහිත විල්මින්ටන් නගරයේ මූලස්ථානයෙන් පිටතට පැමිණ ඇත.
අනතුරින් පසුව ඔහුගේ ශරිරාරක්ෂකයකු ජෝ බයිඩන්ව අදාළ ස්ථානයෙන් වහාම ඉවත් කරගන්නා ආකාරය CCTV වීඩියෝ සටහන්වල දැකගත හැකිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart