
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තනතුරට වත්මන් අගවිනිසුරු ජයන්ත ජයසූරිය පත්කිරීමට ආණ්ඩුව සූදානම් වන බව ‘අනිද්දා’ පුවත්පත් වාර්තා කරයි.
එම ධුරය ලබාදීම වෙනුවෙන් අගවිනිසුරුවරයාට මෙම වසරේ අවසානයේදී, නියමිත කාලයට පෙර විශ්‍රාම යන ලෙසට ඉල්ලීමක් ඉදිරිපත් කිරීමේ සැලසුමක් ආණ්ඩුව ක්‍රියාත්මක කිරීමට යන බව ආරංචි මාර්ග වාර්තා කරන බවද පුවත්පත පවසයි.
එසේ අගවිනිසුරුවරයා ධුරයෙන් විශ්‍රාම යෑමෙන් අනතුරුව එම තනතුර සඳහා වත්මන් නීතිපතිවරයා පත්කිරීමට ආණ්ඩුව සැලසුම්කර ඇති බවද වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.
වර්තමානයේ නීතිපති ධූරය දරනු ලබන්නේ ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart