
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
‘1990’ සුවසැරිය සේවාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගිලන්රථ 25ක් සඳහා ටෙන්ඩරයක් ඉදිරිපත් කර ඇත.
‘දරිද්‍රතාවය අවම කිරීම සඳහා වන ජපන් අරමුදලේ’ ප්‍රදානයක් හරහා ඊට අදාළ මුදල් ප්‍රතිපාදන ලබාදීමට නියමිතය.
මෙම ටෙන්ඩරය ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සාමාජිකයින් වන රටවල සැපයුම්කරුවන් සඳහා විවෘත බව ඊට අදාළ නිවේදනයේ සඳහන් වේ. ලංසු තැබීමේ අවසාන දිනය මේ වසරේ ජුනි 20 වේ.
ලංසු තැබීමේ ක්‍රියාවලිය ආසියානු සංවර්ධන බැංකුවේ ක්‍රියා පටිපාටි මගින් පාලනය කරනු ඇත.
අවශ්‍ය නිර්ණායක අතර සැපයුම්කරුවන් පසුගිය වසර පහ තුළ මීට සමාන කොන්ත්‍රාත්තුවක් සම්පූර්ණ කර තිබිය යුතුය. සැපයුම්කරු ගිලන් රථ මාස තුනක් ඇතුළත ලබාදිය යුතුය.
සුවසැරිය 2016 දී ඉන්දියානු ආධාරයක් හරහා දියත් කරන ලද අතර දැනට එහි ගිලන් රථ 297 ක් ක්‍රියාත්මක වේ.
මෑත කාලයේ අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන නියමිත පරිදි රජය විසින් ලබානොදීම හේතුවෙන් සුවසැරිය සේවාව පවත්වාගෙන යෑම ගැටලුකාරී වී ඇත.
(sundaytimes)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart