August 31, 2023

දෛනිකව පරිසරයට ලන්ච් ෂීට් ලක්ෂ 15 – 16 අතර ප්‍රමාණයක් පරිසරයට මුදා හරින බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාරිසරික කේන්ද්‍රය ( Center for Environment Sustainabily ) මගින් වසර දෙකකට වතාවක් සංවිධානය කරන අන්තර්ජාතික සමුළුවේ සමාරම්භක උත්සවය අවස්ථාවේදීය .

එහිදී ඔහු ප්‍රකාශ කළේ, 2017 සහ 2021 වර්ෂයන් වලදී පොලීතීන් හා ප්ලාස්ටික් තහනම් කිරීමට ප්‍රතිපත්තීන් තීරණය කළ තිබුණත් ඒවා අපේක්ෂා කළ පමණින් ක්‍රියාත්මක නොවූ බවයි.

එමෙන්ම මයික්‍රෝන 20ට අඩු ලන්ච් ෂීට් අලෙවිය තහනම් කර තිබුණත්, ඒවා තවමත් වෙළඳපොලෙහි දක්නට ලැබෙන බවත්, මෙම ලන්ච් ෂීට් මයික්‍රෝ ප්ලාස්ටික් බවට පත්ව ජල මූලාශයන් එකතුවන බවත්, මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.

එසේම එක්ස් ප්‍රෙස් පර්ල් නෞකාවේ ගිනි ගැනීම නිසා සිදු වු සාගර විනාශය තවමත් තක්සේරු කළ නොහැක්කක් බවද හෙතෙම සඳහන් කළේය.

ඔහු වැඩි දුරට සඳහන් කළේ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේදී පමණක් ප්ලාස්ටික් ජල බෝතල් 150, 000 භාවිතා කළ නමුත් එය 3000 ක් දක්වා අවම කර ඇති අතර, තවමත් තමන්ගේ පහසුව උදෙසා ප්ලාස්ටික් බෝතල් ඉල්ලා සිටින පිරිස් ඇති බවයි.