
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අයිඑස්අයිඑස් ත්‍රස්ත සංවිධානය ප්‍රවර්ධනය කළේ යැයි කියන පුද්ගලයෙකු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය නියෝග කර ඇත.
සමාජ මාධ්‍යය ඔස්සේ අයිඑස්අයිඑස් ත්‍රස්ත සංවිධානය ප්‍රවර්ධනය කරමින් ප්‍රකාශ පළකර එම සංවිධානයේ ලාංඡන සහිත මුදු ළඟ තබාගත්තේ යැයිද කියන මෙම පුද්ගලයා මෙලෙස රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කර ඇත.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කර කොළඹ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය ඉදිරිපත් කළ ඉල්ලීමක් සළකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබාදී තිබේ.
මෙම සැකකරු බොරුපන පාරේ පදිංචිකරුවක වන අතර, ඔහු සන්තකයේ තිබී අයිඑස්අයිඑස් ත්‍රස්ත සංවිධානයට අයත් ධජ සහ ලාංඡන සහිත මුදු කීපයක් සොයාගත් බවද ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම්දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart