
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉරානයේ ටෙහෙරාන් බන්ධනාගාරයේ සිරගතව සිටින ඉරාන ක්‍රියාකාරිකාවක වන නාර්ගේස් මොහොමඩිට නෝර්වීජියානු අගනුවරදී පසුගියදා පැවැති මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය පිරිනැමුණු අතර, වසර ගණනාවකින් ඇයව නුදුටු ඇගේ දරුවෝ ත්‍යාගය පිළිගනු ලැබූහ.
51 හැවිරිදි නාර්ගේස්ට 2023 වසරේ නොබෙල් සාම ත්‍යාගය පිරිනමා ඇත්තේ, ඉරාන බලධාරීන් විසින් බොහෝ අත්අඩංගුවට ගැනීම්වලින් සහ වසර ගණනාවක් සිරගෙවල්වල ගත කළ ද දශක ගණනාවක ක්‍රියාකාරීත්වයෙන් අනතුරුවය.
ඇය එරට කාන්තා අයිතීන් සහ ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් මෙන්ම මරණ දණ්ඩනයට එරෙහිව සටන් කිරීම සඳහා ප්‍රසිද්ධියක් උසුලයි.
සිය පියා සමඟ පැරිසියේ ජීවත් වන මොහොමඩිගේ 17 හැවිරිදි නිවුන් දරුවෝ වන කියානා සහ අලි රහ්මානි ඔස්ලෝ නගර ශාලාවේදී මෙම ගෞරවනීය සම්මානය ලබාගත්හ.
දියණිය කියානා නොබෙල් සාම ත්‍යාග දේශනයේ පළමු කොටස ඔවුන්ගේ මවගේ නමින් කියවූ අතර, ඇගේ සහෝදරයා එහි දෙවැනි කොටස කියැවීය.
“මම මේ පණිවිඩය ලියන්නේ හිරගෙදරක උස් සීතල තාප්ප පිටුපසින්. මම මැදපෙරදිග කාන්තාවක් වන අතර, පොහොසත් ශිෂ්ටාචාරයක් තිබියදීත්, දැන් යුද්ධය, ත්රස්තවාදයේ සහ අන්තවාදයේ ගින්න අතර සිරවී සිටින කලාපයකින් පැමිණියෙමි.
ඉරාන දේශය මත නිදහසේ සහ යුක්තියේ ආලෝකය දීප්තිමත් ලෙස බබළන බව මට විශ්වාසයි. ඒ මොහොතේ, අපි කුරිරු පාලනයට සහ ඒකාධිපතිවාදයට එරෙහිව ප්රජාතන්ත්රවාදයේ සහ මානව හිමිකම්වල ජයග්‍රහණය සමරන්නෙමු. ඉරානයේ වීදිවල ජනතා ජයග්‍රහණයේ ගීය ලොව පුරා දෝංකාර දෙනු ඇත.
ඉරාන ජනතාව ඔවුන්ගේ නොපසුබට උත්සාහය තුළින් බාධා කිරීම් සහ ඒකාධිපතිවාදය විසුරුවා හරිනු ඇත. සැකයක් නැහැ – මෙය ස්ථිරයි.” නාර්ගේස් එහි එසේ සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart